වයඹ පලාතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ඓතිහාසික
යාපහුව රාජධානියට අයත් මැල්සිරිපුර නගරයට ආසන්නව මඩහපොල නම් රමණීය ගම්මානය පිහිටා
තිබේ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ස්පර්ශය ලද යාපහුව රාජධානිය කෙලවරේ හිරියාල
මැතිවරණ කොට්ඨාශයට මායිම්ව මෙන්ම, මාතලේ සුන්දර කඳු පන්තියට මායිම්ව මෙම
ගම්මානය පිහිටා තිබීම නිසා මධ්‍යම පලාතට සුවිශේෂී වූ දේශගුණික තත්වයක් මෙම ගම් ප්‍රදේශයටද
බලපා තිබේ. කුරුඳු, ගම්මිරිස්, කොකෝවා, කරාබුනැටි, සාදික්කා, අලිගැට පේර, කෙසෙල්, දූරියන්, ජම්බු, රඹුටන්, පොල්, කිතුල් ආදී
භෝග සරුවට වැඩෙන අතර, රතු කහ
ලැටරයිට් පසක් පිහිටා තිබීම මෙම භෝග වර්ග සරුවට වැවීමට හේතුවන අතර, වර්ෂය පුරා
පැතුරුණු වර්ෂාවත්
උල්පත් වලින් වෑහෙන පිරිසිදු වතුරත් මෙම දේශගුණික තත්ව පිළිබඳ සාක්ෂි කියාපායි.
1913 වර්ෂය වන විට
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයට අයත්ව
තිබූ කාලයයි. එම කාලය තුල ද මෙම ගම්මානය ජනාවාස වී පැවතුනි. මාර්ග අපහසුතා ඇතුලු
විවිධ දුෂ්කරතාවයන් නිසා මිස මෙම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ ආර්ථිකය නම් එදාද
ස්වයංපෝෂිතය. "මඩහපොල" නම් ගම්මානයට නම සැදුන ආකාරය පිළිබඳව ජනප්‍රවාදයේ
රසවත් කතා පුවතක් පැවතුනි. යාපහුව රාජධානි සමයේ මෙම ගම්මානයේ විශාල වැවක් ඉදිකර තිබූ බවත් එම වැවෙන්
ජලය ගෙන ගොවිතැන් සරුසාර කරගෙන මිනිසුන් ජීවත් වී ඇති බවත් පැවසේ. කිසියම් හේතුවක්
නිසා මෙම විශල වැව අලිපල්ලම නම් කඳු ගැට දෙක අතරින් කඩාගෙන ගොස් ඇත. වර්තමානයේ
මොරති ඔය ගලා බසින්නේ මෙම කැඩුනු ස්ථානයෙන් බවටද සාක්ෂි තිබේ. මෙසේ මෙම වැව කැඩී
පහලට ගලාගෙන ගිය පසු, වැව තිබූ
ස්ථානයේ හය පොලක (වලවල් හයක) වතුර රැඳී
තිබුනේ ජල උල්පත් නිසා බවත්, ජනතාවගේ නෑමට
හා සතුන්ගේ ප්‍රයොජනය සඳහා මේම ජල හය පොල
භාවිතා වූ බවත් දැනගන්නට තිබේ. මෙම වලවල් වල ජලය රැඳී තිබුනේ උල්පත් නිසා බවත්,
සතුන් ආදීන් ප්‍රයොජනයට ගැනීම නිසා එම ස්ථාන වල මඩ වගුරු
සෑදුනු බවත්, එම මඩ රැඳුනු හය පොල "මඩ හය පොල"
පසුව මඩහපොල වූ බවත් පැවසේ.
මෙම ගම්මනයේ ජීවත් වූ ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය
ලබන්නට පාසලක් හෝ අධයාපන ආයතනයක් එවකට නොතිබුණි. ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රධාන
නගරවල ව්‍යාප්ත වීමත්, යම් ග්‍රාමීය
ප්‍රදේශ වල පමණක් සිංහල පාසල් අතලොස්සක් තිබූ බව දැනගන්නට තිබේ.
මේ කාල වකවානු තුල එනම් 1913 වර්ෂය පමණ වන
විට ගම්මානවලට අධ්‍යාපන අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට විය එබැවින් එවකට සිටි G.M
දිසානායක මහතාගේ වියදමෙන් හා මගපෙන්වීම මත එවකට සිටි
ගම්මුන්ගේ එකතුවෙන් පොල් අතුවලින් සෑදූ මඩුවක පාසලක් ආරම්භ විය. මෙම පාසල මඩහපොල
පාඨශාලාව නමින් හැන්ඳින්විය. එහි ප්‍රථම විදුහල්පතිවරයා වූයේද G.M
දිසානායක මහතාය. පන්ති 2ක් ආරම්භ කල
අතර සිසුන් සංඛයාව 54ක් විය
ඉගැන්වීමට ගුරුවරුන් දෙදෙනෙකු සිටි බව සඳහන්ය. දිසානායක මහතාගේ සේවා කාලය වසර 3 කි. ඉන් පසුව
එල්. එම්. ජයසුන්දර මහතා වසර එක හමාරක්
පමණ සේවය කර තිබේ. පසුව එස්.පී ආර්.ඩී. බංඩා මහතා විදුහල්පති ලේස වසර 8ක් සේවය කර
ඇත. පසුව 1924 වසරේදී ඩබ්ලිව්. ඒ. බණ්ඩාරනායක මහතා හා රංහාමි මහතා
මාස කීපය බැගින් පාසල පාලනය කර ඇත. පසුව
කේ.ඒ රණසිංහ මහතා 1924 - 1928 දක්වාත්,
1928 සිට 1930 කාලය තුල
වීරසිංහ මහතා සේවය කර ඇත. මේ කාලය වන විටත් පාසල රජයට පාවරාගෙන නොතිබුණි.
පසුව ඩී. බී දිසානායක මහතා වසර 5ක් ද ඩී. ජී
රොබෝ සිඤ්ඤෝ මහතා වසර එක හමාරක්ද, ඉන් පසුව
අන්දරවැව නම් මුල් ගුරුතුමා වසර 2ක් සේවය කර තිබේ. එය 1940 - 1942 දක්වායි. බී.
එම් බලල්ල මහතා වසර 13 ක් සේවය කර
ඇත. එම කාලය 1942 - 1955 අතර කාලයයි.
ඉන් පසුව වසර 2ක් ඩී ඒ.
කොලඹගේ මහතා සේවය කර ඇත.
එසේම දෙශීය වෛද්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික
ලේකම් තුමාද මෙම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවෙකි.
එදා මෙදා තුර පාසල තුලින් ශිෂ්‍ය සංඛ්‍යාව
අපමණය. ඔව්හු රටේ විවිධ ප්‍රදෙශවල ජීවත් වෙමින් රටට සේවය සලසනු ලවයි.
පසු කාලීනව විවිධ හැල හැප්පීම් මැද ශිෂ්‍ය
සංඛ්‍යාව 1500 කට අධික
පිරිසක් අධ්‍යාපනය ලබා ඇති බව දැනගන්නට තිබේ. පසු කාලීනව මෙම ශිෂ්‍යන් ක්‍රමිකව අඩු
වීගේන ගොස් වර්ඨමානය වන විට 700 ක පමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් දක්වා පහල බැස ඇත.
ඒ කෙසේ වෙතත් පාසලට අවශ්‍ය ගොඩනැගිලි හා විද්‍යාගාර , පුස්ඨකාල, බුදු මැදුර, ගෘහ විද්‍යාගාර, ගණිතාගාර, ක්‍රීඩා පිටිය, සෞන්දර්‍ය ඒකක, අන්තර්ජාල
පහසුකම් සහිත පරිගණක ඒකක, ශ්‍රව්‍ය දෘෂ්‍ය
ඒකක, කාර්යාලය, ගුරු
විවේකාගාරය, කෘෂිකර්ම ඒකකය, පාසල් සිසු
සමූපාකාරය, ආපන ශාලාව ආදී
අවශ්‍ය ඒකක පිහිටුවා ඇත.
ළමුන්ගේ කලා හැකියාවන් දියුණු කිරීමට කටයුතු
කර ඇති අතර ක්‍රීඩා ආදියද සමස්ඨ ලංකා කුසලතා ද ඔප් නංවා තිබේ. සිංහල භාෂා තරඟ, ඉංග්‍රීසි හා
සමාජ විද්‍යා තරඟ, තොරතුරු තක්ෂණ
තරඟ ආදී විවිධාකාර වූ ජයග්‍රහණ ලබා ගෙන තිබේ.
No comments:
Post a Comment