Thursday, May 30, 2013

විදුහල්පතිතුමාගේ පණිවිඩය ...




        මඩහපොල මහින්ද මහා විද්‍යාලය යනු මහව අධ්‍යාපන කලාපයේ පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාශයේ කෙලවරම පිහිටි පාසලකි. ඉතිහාසයේ මෙම පාසල පළාතේ කීර්තිමත්ම පාසලක් බවට පත්ව තිබුණි. එදා මෙදා තුර වසර 100 ක් ගෙවුනු මඩහපොල මහින්ද මහා විදුහල් මාතාවගේ සේවකයෙකු වීමට මටද භාග්‍ය උදා වීම භාග්‍යක් කොට සලකමි. මෙම පාසල මෙම වසර සියය තුල යම් තත්වයකට ගෙන ඒමට ඉතිහාසයේ සිට කටයුතු කල සැමට මාගේ ගෞරවය පිරිනමමි.
        ශත සංවත්සරය ඉදිරියේ තබාගෙන පාසල භාරගත් මට විශාල අභියෝග රාශියක් තිබුණි. ඒ සියල්ල ජය ගනිමින් වත්මන් කාර්ය මණ්ඩලය හා ආදී සිසුන්, දෙමාපියන්, දූ දරුවන් සමග ඉදිරියට යන්නට කටයුතු කරමි.
        පාසලක තීරණාත්මක සාධකය වන්නේ දරුවන්ය. හය හතර නොතේරෙන මට්ටමේ සිටිමින් පාසලට පැමිනෙන දරුවන් තුළ ගැබ්ව ඇති කුසලතා හා ශක්තීන් මතු කරමින් එය ලොවට විකසිත කර දීමට ප්‍රධාන කාර්ය කල හැකි වන්නේ ගුරුවරුන්ටය. එබැවින් එම කාර්යය සිදු කිරීමට නම් පාසලේ ගුරුවරයා පරමාදර්ශී චරිතයක් බවට පත්ව සිට කටයුතු කළ යුතුව තිබේ. ගුරුවරයාගේ ආකල්ප, කුසලතා, දැනුම හැසිරීම, ඇඳුම පැළඳුම, ආදී සියල්ලම දරුවාගේ පෞර්ෂ වර්ධනය කෙරෙහි බලපානු ඇත. එබැවින් වර්තමාන ගුරුවරයාට මුහුණ දීමට අභියොග ‍රැසක් පවතී. බෞද්ධ ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියන අප රටේ මිනිසුන් තුල එම ශ්‍රේෂ්ඨ සංස්කෘතියේ අද ඉතිරිව ඇත්තේ නටඹුන් පමණි.
        තම රටේ අනන්‍යතාවය තබාගෙන ඉදිරියට යාමට ක්‍රමවේදයක් රට තුල නැත. ඒ වෙනුවට විවිධ සංස්කෘතීන්ගෙන් සංකලනය වූ ඔද්දල වූ සංස්කෘතියක් කරා සමාජය තල්ලු වී අවසානය. එය නැවත සකස් කළ නොහැකි තත්වයකට පත්ව තිබේ. පාසල් දරුවාද අද මෙම සංස්කෘතියට තල්ලු වී අවසානය.
          මෙම මහා ඛේදවාචකයෙන් රටක් අනාගත පරම්පරාවෙන් බේරා ගැනීමට නම් ආගමික නායකයන්, රාජ්‍ය නායකයන්, පාසල් ප්‍රධානීන් හා ගුරුවරුන් දෙමාපියන් ආදී සියලු සාමාජීය කොටස් ඒකරාශී වී ක්‍රමවත් වැඩ පිලිවෙලක් ඔස්සේ ගමන් කළ යුතුය. එසේ නොමැතිව හුදකලා වී පාසල පමණක් මෙය ගොඩ නැගීමට වෙර දැරීම නිෂඵල ක්‍රියාවකි. එසේ අන්ඳුරට ශාප කිරීම නවතා එක් පහනක් හෝ දැල්වීම සුදුසුය යන සංකල්පයේ පිහිටා යහපත් වූ සමාජ වටපිටාවක් ගොඩ නැගීමට පාසල නැමති ආයතනයේ සාමාජිකයන් වන අප කටයුතු කල යුතුව ඇත.
         මේ කාර්යය සිදු කිරීමේදී පවතින සමහර නීති රීති පවා වෙනස් කළ යුතුව තිබේ. එය අපට කළ නොහැකි බැවින් බලධාරීන් ඒ සඳහා ක්‍රියා කලයුතුව ඇත. එසේ නොවුනු කළ පොල් ගෙඩි 8ක් ගත් දරුවාගේ හෝ සිසුන් 11 අපයෝජනයට ලක් කළ පුද්ගලයාගේ කතාවට තිත තැබිය නෝහැකිය.
          එබැවින් සමාජයේ සාමාජිකයන් වන අප සෑම දෙනාම එකතුව මේ සඳහා සක්‍රීයව වැඩපිළිවෙලකට කඩිනමින් යා යුතුව ඇත. එසේ නොවුනු කළ අනේ අපොයි යන කතාව සැමදා කිය කියා සිටීමට සිදුවනු ඇත. වර්තමාන පාසලක සිදු කරනු ලබන්නේ දිරාගිය සංස්කෘතියකට ඇණ ගසමින් දවසක් හෝ ‍රැක ගැනීමට වෙර දැරීම පමණකි.
           මඩහපොල මහින්ද මහා විද්‍යාලයට වසර සියයක් සපිරෙන අද දවසේ මහින්දය සතු ප්‍රධාන අභියෝගය වන්නේ ද සිසු කුසලතා වැඩිදියුණු කිරීම පමණක් නොව ඉහත ව්‍යවසනයෙන් අනාගත පරපුර ‍රැක ගැනීමට තනිව හෝ සටන් කිරීමට කටයුතු කිරීමටය. එයට සැමදෙනාම එක්වන ලෙසද ඉල්ලීමක් කරමි.
            ගත වූ වසර සියය තුල අපගේ රට වෙනුවෙන් වැඩ කිරීමට පුද්ගලයන් බිහි කළ මහින්ද මාතාවට චිරං ජයතු යැයි ප්‍රාර්ථනා කරන අතර, විදුහල්පති, ගුරු, සිසු, ආදී මහින්දයන්ටත්, මෙදින සහභාගී වූ සියළු මැති ඇමති හා නිල දරුවන්ටත්, දරුවන් හා දෙමාපියන්ටත් පාසැල වෙනුවෙන් සේවය කළ සැමටත් මගේ ගෞරවය පිරිනමමි.

                        K. W. J. S.  කුමාර
                        විදුහල්පති
                        මඩහපොල මහින්ද මහා විද්‍යාලය
                        2013.05.05


   

ප්‍රධාන අමාත්‍යතුමාගේ පණිවිඩය ....



වසර සියයක් පසු කළ වයඹ පලාතේ මහව අධ්‍යාපන කලාපයේ පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි මඩහපොල මහින්ද මහා විද්‍යාලය, නව හැරවුම් ලක්ෂයකට ප්‍රවේශ වී ඇති බව සතුටින් ප්‍රකාශ කරමි. විශේෂයෙන් පාසල් පෝෂිත ප්‍රදේශයේ ජනතාව මෙන්ම ඉන් බාහිර ජනතාවද මේ වන විට පාසල පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බව පෙනේ. පසුගිය මාස 06 ක පමණ කාළය තුල සිට අද වන විට පාසල් පරිසරය තුල විශාල ධනාත්මක වෙනසක් සිදු වී ඇත්තේ විදුහල්පතිතුමා ඇතුලත් පාසල් කාර්ය මණ්ඩලයේත් සිසු දරු දැරියන්ගේත් විශේෂයෙන්ම ආදී සිසුන්ගේත් සුභ පතන්නන්ගේත් විශේෂ කැප වීම නිසා අති විශාල ශ්‍රමදාන වැඩපිළිවෙල හා මුදල් පරිත්‍යාගවලින් රුපියල් ලක්ෂ විස්සකට වැඩි දායකත්වයක් ලැබීම මත බව සිහිපත් කරන්නේ හදපිරි සතුටිනි.

මඩහපොල මහින්ද මහ විදුහල් මාතාවට තව තවත් ගුණ නැණ සපිරි දරු කැලක් බිහි කරන්නටත් ඒ තුළින් විශ්වයේ බැබළෙන්නටත් වසර සියයක් ආයු වැළඳූ මේ මොහොතේ හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

අතුල විජේසිංහ
වයඹ ප්‍රධාන අමාත්‍ය

ජයන්ති පරිවේණාධිපති ස්වාමීන්වහන්සේගේ පණිවිඩය ...



            1903 වැනි කාල සීමාව වන විට අපේ රටේ දේශීය අධ්‍යාපන වරප්‍රසාද ලත් ප්‍රභූ පිරිසකට පමණක් උරුම වූ අයිතිවාසිකමක් බවට පත්වී තිබුණි. ඉංග්‍රීසි භාෂාව මාධ්‍යය කරගත් එම අද්‍යාපනය ලැබීමේ උරුමය ලබා සිටියේද 5% තරම් ඉත සුළු පිරිසක්ය. සිංහල භාශාව, බුද්ධාගම ඉගැන්වීමට ප්‍රමුඛත්වය නොදීම නිසා එයින් දැඩි අසාධාරණයක් සිදු වූයේ මෙරට බහුතරය වූ සිංහල  බෞද්ධයන්ටය. වැඩවසම් සමාජ ක්‍රමය තහවුරුව තිබූ මේ යුගයේ ස්ථාපිත වූ කුල ක්‍රමය අනුව තම පියාගේ ‍රැකියාව පුතාට උරුම වීම හැරෙන්නට එයට වඩා උසස් යැයි පිළිගත් පරිපාලනය ඉංජිනේරු හා වෛද්‍ය වැනි වෘත්තීන්හි අවස්ථාවන් ලබා ගැනීමට සිංහල බෞද්ධ දරුවා භාග්‍යවත් නොවීය. රජයේ ‍රැකියාවක් වශයෙන් ගුරු වෘත්තියත් ලිපිකරු සේවයත් ලබා ගත හැකි වූයේද නගරබදව ජීවත් වූ සුළු පිරිසකටය.
          මෙවන් අධ්‍යාපනික පරිසරයක් 20 වන සියවස මුල් භාගය වූ 1903 වැනි කාලයක මුලු මහත් ශ්‍රී ලංකාවම වෙලාගත් සිංහල බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ පීඩාවන්ට මෙන මඩහපොල වැනි එවකට අති දුෂ්කර ගම්මන වලට මූනපාන්නට සිදුව තිබුණි. එවකට මෙම මඩහපොල ශ්‍රී රත්නපාලාරාම විහාරස්ථානයේ අධිපතිව වැඩසිටි මදිපොළ රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ මහ දිසාපති පුංචිබණ්ඩාර මඩහපොල මැතිතුමන් සහ ගමේ ප්‍රභූන් ගමේ අධ්‍යාපනික දුෂ්කරතාව තෙරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1903 මැයි මස දින දැනට මඩහපොල මහින්ද මහා විද්‍යාලයේ පිහිටා ඇති භූමියේ ඉතා සුළු පිරිසකගෙන් පාසලක් ආරම්භ්හ කරන්නට යෙදුණි.
          මෙම පාසලට 1950 ගණන් වන තුරු පැවතියේ එකම පාසල් ගොඩනැඟිල්ලක් පමණි. එවකට සිසුන්ගේ ප්‍රමාණයට එය සෑහෙන්නක් විය. පසුකාලීන සිසුන්ගේ ප්‍රමාණය වැඩිවත්ම විවිධ ගොඩනැඟිලි ඉදිකර ඇති බව පෙනී යයි. මෙහි එකම ගොඩනැගිල්ලක්වත් අවුරුදු සියයක සංවත්සරය සමරණ අවස්ථාවට ප්‍රමාණවත් නොවේ. මෑතක කාලය වනතෙක්ම පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමක්වත් මූලික යටිතල පහසුකම් සැපයීමක් හෝ සිදු නොවී පිරිහීමේ ආගාධයට වැටී තිබුණි. අධ්‍යාපන මට්ටම හා සිසුන් ප්‍රමාණය අතින්ද දුර්වල තත්වයකට වැටෙමින් පැවතුණි.
          යටිතල පහසුකම් අංශයෙන් හා අධ්‍යාපනික අංශයෙන් පවතින මෙම දුර්වලතාවයන් මගහරවා පාසල ඉදිරිපස තාප්පයක් බඳවා ප්‍රමාණවත් දියුණුවකට පත් කිරීමට වත්මන් විදුහල්පති සිසිර කුමාර මහතා දෙගුරුන්ගේද ආදී සිසුන්ගේද සහභාගීත්වයෙන් උත්සාහ ගන්නා බව පෙනී යයි. මේ නිසා මෙම පාසලට හොඳ පාසල් පරිසරයක් කරා ළඟා වී ඇති බව පෙනී යයි.
             2013. 05.27  දින වන විට පාසල ආරම්භ කර අවුරුදු 100 පිරීම නිමිති කරගෙන පැවැත්වෙන සංවත්සරය වෙනුවෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා සංඝගත දක්ෂිනාවක් පිරිනමා 30 වන දින උත්සව මහා සභාවක් පැවැත්වීමට නියම කරගෙන ඇත. මඩහපොල මහින්ද මහා විද්‍යාලය මගින් මේ වන විට රට ජාතිය ආගමට අපරිමිත සේවයක් සිදු කරන දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් හදා වඩා රටට දායාද කර ඇත. එම ප්‍රෞඪ අතීතයේ සිදු කළ සේවාවන් සිහිපත් කර ශත සංවත්සර උත්සවයක් පැවැත්වීමට ඇති අභිමානවත් අයිතිය මත සිදු කරන සියලු සැමරුම් සාරවත් වේවා. මෙයින් පසුව උදාවන දෙවන ශත සංවත්සරයේ ආරම්භක අවස්ථාවේ මෙම මඩහපොල මහින්ද මහා විද්‍යාලයට යහපත් අනාගතයක් උදාවේවායි ප්‍රාර්ථනා කරමි.

මඩහපොල මංගල ස්ථවිර
           විහාරාධිපති


Wednesday, May 29, 2013

විදුහල් මාතාවනි .....


කඩයිමට පෙර ...


ආදරණීය විදු මවුනි !


ගුරු මවකගේ සෙනෙහස ...


සැන්දෑම ...


සියවසක මහිමය ....


Contact us


     

            IT Solutions was established in 2008 with a vision to be a customer focused, market led conglomerate that provides cutting-edge IT solutions coupled with superior customer support to a wide range of customers. IT Solutions builds it's business by sharing knowledge and expertise with strategic business partners in order to achieve sustained rapid growth. Equipped with passionate people for IT industry and adequate resources, IT solutions practices long term but flexible marketing strategy that suit the fast changing markets. we have one service center for computer repairs and java Soft solutions for our customers. The purpose of having this service center is to provide fast and better service to our customers.


Contact us .... 

Address          -    No, 337 B, Dambulla road, Melsiripura, 60540, Sri Lanka

Phone             -     ( Chanuka Lankathilake )  071 342 2092

Email              -    itsolutions.srilanka@gmail.com

Website          -    http://www.itchanlanka.blogspot.com/

Find us on google maps   -  http://goo.gl/maps/1YW0A

Find us on Facebook       -  https://www.facebook.com/itchanlanka





School Staff


Board of Prefects